Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #21 Translated in Sinhalese

وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ
තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ
‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමගින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසීය.
قَالَ أَلْقِهَا يَا مُوسَىٰ
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ
එවිට ඔහු එය බිම හෙළීය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ
නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නොවනු. එහි මුල් ස්වභාවයටම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

Choose other languages: