Quran Apps in many lanuages:

Surah Saba Ayahs #27 Translated in Sinhalese

وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ ۚ حَتَّىٰ إِذَا فُزِّعَ عَنْ قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا الْحَقَّ ۖ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ
තවද කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම (කිසිවෙකුට) ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසති. සත්යය යැයි ඔවුහු පවසති. තවද ඔහු අතිශ්රේෂ්ඨ ය; අති උත්තරීතරය.
قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُبِينٍ
“අහස් වලින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙනුයේ කවුදැයි” (නබිවරය!) නුඹ විමසනු. “අල්ලාහ්” යැයි නුඹ පවසනු. “තවද නියත වශයෙන්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත සිටිනුයේ? එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”
قُلْ لَا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ
“අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නොලබන්නෙහුය. එමෙන්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අපි විමසනු නොලබන්නෙමු” යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ
“අපගේ පරමාධිපති අප ඉදිරියේ එක්රැස් කර යුක්තියෙන් යුතු ව අප අතර තීන්දු දෙයි. තවද ඔහු මහා තීරකය; සර්වඥානී ය” යැයි පවසනු.
قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُمْ بِهِ شُرَكَاءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මා හට පෙන්වනු. එසේ නොව, අල්ලාහ් වන ඔහු සර්ව බලධාරීයය; මහා ප්‍රඥාවන්ත ය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: