Quran Apps in many lanuages:

Surah Maryam Ayahs #53 Translated in Sinhalese

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
وَوَهَبْنَا لَهُمْ مِنْ رَحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්රශංසාව ද ඇති කළෙමු.
وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَبِيًّا
තවද ධර්ම ග්රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.
وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا
තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.
وَوَهَبْنَا لَهُ مِنْ رَحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන් ව නබිවරයකු ලෙස ඔහුට පිරිනැමුවෙමු.

Choose other languages: