Quran Apps in many lanuages:

Surah Maryam Ayahs #33 Translated in Sinhalese

فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا
එවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළාය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමග අපි කෙසේ කතා කරන්නෙම්දැයි ඔවුහු පැවසුවෝය.
قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا
නියත වශයෙන්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේය.
وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا
මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේය. තවද මා ජීවමාන ව සිටින තාක්කල් සලාතය හා සකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේය.
وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا
තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේය.) තවද ඔහු මා අභාග්යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නොකළේය.
وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدْتُ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا
තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!

Choose other languages: