Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #12 Translated in Sinhalese

رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدْتَهُمْ وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَنْ تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
තවද ඔබ ඔවුන් නපුරු දැයින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු දැයින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්‍රහණය.
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِنْ مَقْتِكُمْ أَنْفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත.
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِنْ سَبِيلٍ
අපගේ පරමාධිපතියාණනි! ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහිය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහිය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ?යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නනෝ) විමසා සිටිති.
ذَٰلِكُمْ بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِنْ يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළ බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය.

Choose other languages: