Quran Apps in many lanuages:

Surah Az-Zukhruf Ayahs #10 Translated in Sinhalese

وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ
තවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු.
وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ
අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත් ව ගොස් ඇත.
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ
ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේය.

Choose other languages: