Quran Apps in many lanuages:

Surah Az-Zukhruf Ayahs #9 Translated in Sinhalese

أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ
නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?
وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ
තවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු.
وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ
අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත් ව ගොස් ඇත.
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.

Choose other languages: