Quran Apps in many lanuages:

Surah Az-Zukhruf Ayahs #43 Translated in Sinhalese

وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ
තවද නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. නියත වශයෙන්ම නුඹලා දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ
නුඹ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට නුඹ මග පෙන්වන්නෙහි ද?
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ
එහෙයින් (නබිවරය!) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින්ම අපි ඔවුනට ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ
එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි නුඹට පෙන්වන්නෙමු. සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.
فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය.

Choose other languages: