Quran Apps in many lanuages:

Surah Az-Zukhruf Ayahs #28 Translated in Sinhalese

قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නොගෙනාවෙම් දැයි ඔහු විමසීය. එයට “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
فَانْتَقَمْنَا مِنْهُمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
එවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ
තවද “නියත වශයෙන්ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ
නමුත් මා මැවූ අය හැර. නියත වශයෙන්ම ඔහු මට මග පෙන්වනු ඇත.
وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද ඔහුගෙන් පසු පැවත එන්නන් අතර එය පවතින ප්‍රකාශයක් බවට පත් කළේය. එය ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිසය.

Choose other languages: