Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #35 Translated in Sinhalese

ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِنْدَ رَبِّكُمْ تَخْتَصِمُونَ
පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහුය.
فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ
අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට නිරයේ නවාතැනක් නොවේ ද?
وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
තවද සත්යය රැගෙන ආ තැනැත්තා සහ එය තහවුරු කළ අය වනාහි, ඔවුහුමය බිය බැතිමතුන් වනුයේ.
لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَاءُ الْمُحْسِنِينَ
ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.
لِيُكَفِّرَ اللَّهُ عَنْهُمْ أَسْوَأَ الَّذِي عَمِلُوا وَيَجْزِيَهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ الَّذِي كَانُوا يَعْمَلُونَ
ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිසය.

Choose other languages: