Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #45 Translated in Sinhalese

وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَٰئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبِيلٍ
තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසු ව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහි ව කිසිදු මාර්ගයක් නැත්තෝ ඔවුහුමය.
إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
නියත වශයෙන්ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණය. වේදනීය දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ
තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන්ම එය ස්ථාවර කටයුතු අතරිනි.
وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ وَلِيٍّ مِنْ بَعْدِهِ ۗ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِنْ سَبِيلٍ
තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසු ව කිසිදු භාරකරුවකු ඔහුට නැත. තවද අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත්දැ?’යි විමසා සිටිනු නුඹ දකිනු ඇත.
وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنْظُرُونَ مِنْ طَرْفٍ خَفِيٍّ ۗ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُقِيمٍ
තවද ඒ වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට, අවමානයෙන් යුතු ව හොර ඇසින් බලමින් ඔවුන් බියෙන් සිටිනු නුඹ දකිනු ඇත. “නියත වශයෙන්ම අලාභවන්තයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලට අලාභහානි කර ගත්තවුන්ය” යැයි විශ්වාස කළවුන් පවසා සිටියෝය. දැන ගනු! නියත වශයෙන්ම අපරාධකරුවන් ස්ථීර දඬුවමෙහි වෙති.

Choose other languages: