Quran Apps in many lanuages:

Surah Ash-Shura Ayahs #6 Translated in Sinhalese

عسق
අයින් සීන් කාෆ්.
كَذَٰلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් නුඹ වෙත හා නුඹට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙසය.
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතුය. තවද ඔහු අති උත්තරීතරය; අති ශ්‍රේෂ්ඨය.
تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ ۚ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ ۗ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ
අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට බලයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව අයැද සිටිති. දැන ගනු! නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.
وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
තවද ඔහු හැර දමා වෙනත් අය භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නාය. තවද නුඹ ඔවුන් වෙත භාරකරුවකු නොවේ.

Choose other languages: