Surah Ash-Shura Ayahs #23 Translated in Sinhalese
اللَّهُ لَطِيفٌ بِعِبَادِهِ يَرْزُقُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْقَوِيُّ الْعَزِيزُ
අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රිය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන්ය.
مَنْ كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ ۖ وَمَنْ كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ نَصِيبٍ
කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත.
أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُمْ مِنَ الدِّينِ مَا لَمْ يَأْذَنْ بِهِ اللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නොදුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නොවී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
تَرَى الظَّالِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا وَهُوَ وَاقِعٌ بِهِمْ ۗ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي رَوْضَاتِ الْجَنَّاتِ ۖ لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ
අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහිය. තවද එය ඔවුනට සිදුවන්නකි. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් ස්වර්ග උයන් වලය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්යය.
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
එය දේවත්වය විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්හට අල්ලාහ් ශුභාරංචි දන්වා සිටින දෑය. “සමීප ඥාතීත්වය තුළ ඇති වන ආදරය මිස වෙනත් කිසිදු කුලියක් ඒ වෙනුවෙන් මම නොඉල්ලමි” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද කවරෙකු යහපතක් උපයන්නේ ද අපි ඔහුට එහි යහකම වර්ධනය කරමු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; ගුණගරුකය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
