Quran Apps in many lanuages:

Surah As-Sajda Ayahs #8 Translated in Sinhalese

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නොවේ ද?
يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِمَّا تَعُدُّونَ
අහසේ සිට මහපොළොව දක්වා වූ සියලුම කරුණු ඔහු සැලසුම් කරයි. පසු ව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය ආරෝහණය වෙයි.
ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ
ඔහු අදෘශ්යමාන දෑ හා දෘශ්යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විතය.
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ
ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේය.
ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේය.

Choose other languages: