Quran Apps in many lanuages:

Surah As-Saaffat Ayahs #152 Translated in Sinhalese

فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ
එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ
පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැයි යන්න වග (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
أَلَا إِنَّهُمْ مِنْ إِفْكِهِمْ لَيَقُولُونَ
දැනගනු! නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ..
وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.

Choose other languages: