Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #42 Translated in Sinhalese

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්රාහකයෝ.
وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِنْدَ اللَّهِ ۖ وَمَا آتَيْتُمْ مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ
තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නෝ.
اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَفْعَلُ مِنْ ذَٰلِكُمْ مِنْ شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේය. නුඹලාට පෝෂණය දුන්නේය. පසු ව ඔහු නුඹලා මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට ජීවය දෙන්නේය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුරය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلُ ۚ كَانَ أَكْثَرُهُمْ مُشْرِكِينَ
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: