Quran Apps in many lanuages:

Surah Ar-Rad Ayahs #43 Translated in Sinhalese

وَإِنْ مَا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ
තවද අප ඔවුනට ප්‍රතිඥා කරන ඇතැමක් නුඹට අපි පෙන්වූව ද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට දූත මෙහෙවර) දන්වා සිටීම පමණි. තවද විනිශ්චය කිරීම අපගේ වගකීමය.
أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ
නියත වශයෙන්ම අපි මහපොළොව එහි පැතිකඩවලින් එය කාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
وَقَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ
තවද ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. සියලු කුමන්ත්‍රණ අල්ලාහ් සතුය. ඔහු සෑම ආත්මයක්ම උපයන දෑ දනී. තවද අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හටදැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් මතු දැන ගනිති.
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ
තවද නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නොවේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්‍රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්‍රමාණවත් යැයි නුඹ පවසනු.

Choose other languages: