Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #17 Translated in Sinhalese

لَوْلَا جَاءُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاءِ فَأُولَٰئِكَ عِنْدَ اللَّهِ هُمُ الْكَاذِبُونَ
ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නොවේද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නොගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහුමය මුසාවාදීහූ.
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ
තවද මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නොවී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි.
إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُمْ مَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِنْدَ اللَّهِ عَظِيمٌ
නුඹලාගේ දිවවල් වලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවල් වලින් පවසන්නෙහුය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහුය. නමුත් එය අල්ලාහ් අබියස අති බිහිසුණුය.
وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُمْ مَا يَكُونُ لَنَا أَنْ نَتَكَلَّمَ بِهَٰذَا سُبْحَانَكَ هَٰذَا بُهْتَانٌ عَظِيمٌ
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නොවේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. මෙය අතිමහත් අපවාදයකි යැ’යි නුඹලා පවසන්නට තිබුණා නොවේ ද?
يَعِظُكُمُ اللَّهُ أَنْ تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත කිසිවිටක එසේ හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.

Choose other languages: