Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #47 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَىٰ حَتَّىٰ تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا ۚ وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ اللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා මත් ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නොවනු. තවද කිලිටි තත්ත්වයේ සිටින්නා ද ස්නානය කරන තෙක් (සලාතයට) ළං නොවනු. නමුත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේම නුඹලා රෝගී ව හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නොලැබූනේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින්ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නොකර) නොසලකා හැර පාපක්ෂමාව පිරිනමන්නාය.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ
ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්‍රිය කරති.
وَاللَّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ ۚ وَكَفَىٰ بِاللَّهِ وَلِيًّا وَكَفَىٰ بِاللَّهِ نَصِيرًا
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳ ව මැනවින් දන්නාය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත්ය.
مِنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَٰكِنْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතරින් වෙති. එමෙන්ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන)"රාඉනා" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති.. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද "උන්ළුර්නා" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති.
يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِمَا مَعَكُمْ مِنْ قَبْلِ أَنْ نَطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
අහෝ ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවනි! අපි ඔබේ මුහුණු විකෘති කොට ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර හෝ නුඹලා සතුව ඇති දෑ සත්‍යය කරවමින් අපි නුඹලාට පහළ කළ දෑ විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන්ම සිදු කරනු ලබන්නක් විය.

Choose other languages: