Quran Apps in many lanuages:

Surah An-Naml Ayahs #89 Translated in Sinhalese

وَوَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنْطِقُونَ
තවද ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය නියම වනු ඇත. එවිට ඔවුහු (කිසිවක්) කතා නොකරති
أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රිය හා පෙනෙන්නක් ලෙස දහවල නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෝද? නියත වශයෙන්ම එහි දේවත්වය විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
وَيَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَفَزِعَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ
තවද හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත යටහත් වන්නන් ලෙසින් පැමිණෙනු ඇත.
وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ
තවද ඔබ ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا وَهُمْ مِنْ فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඊට වඩා ශ්රේෂ්ඨත්වයක් ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝය.

Choose other languages: