Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #4 Translated in Sinhalese

أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එයට ඉක්මන් නොවනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරුය. තවද උත්තරීතරය.
يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ
නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු යැයි (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි.
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
සත්‍යයෙන් යුතුව, අහස් හා මහපොළොව ඔහු මැව්වේය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
خَلَقَ الْإِنْسَانَ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ
ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.

Choose other languages: