Surah Al-Qasas Ayahs #88 Translated in Sinhalese
إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُلْ رَبِّي أَعْلَمُ مَنْ جَاءَ بِالْهُدَىٰ وَمَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ
නියත වශයෙන්ම ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබ ව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයටම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැයි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන්දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) පවසන්න.
وَمَا كُنْتَ تَرْجُو أَنْ يُلْقَىٰ إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِلْكَافِرِينَ
තවද ධර්ම ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නොසිටියෙහිය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස වෙනකක් නැත. එහෙයින් ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට උර දෙන්නකු නොවනු.
وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنْزِلَتْ إِلَيْكَ ۖ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
තවද අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසු ව ඒවායින් ඔවුන් ඔබ ව නොවැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දේවත්වය ආදේශ කරන්නන් අතරින් නොවනු.
وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۘ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
තවද ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහුගේ මුහුණ හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නක්ය. තීන්දුව ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
