Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #44 Translated in Sinhalese

فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි (නබිවරය!) නුඹ අවධානයෙන් බලනු.
وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ ۖ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنْصَرُونَ
තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නොලබති.
وَأَتْبَعْنَاهُمْ فِي هَٰذِهِ الدُّنْيَا لَعْنَةً ۖ وَيَوْمَ الْقِيَامَةِ هُمْ مِنَ الْمَقْبُوحِينَ
තවද මෙලොවෙහි ශාපය අපි ඔවුන් වෙත අඛන්ඩව යැව්වෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු පහත් කොට සළකනු ලබන්නන් අතරින් වෙති.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِنْ بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَىٰ بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසු ව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَىٰ مُوسَى الْأَمْرَ وَمَا كُنْتَ مِنَ الشَّاهِدِينَ
(නබිවරය!) මූසාට නියෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර දෙසෙහි නොසිටියෙහිය. තවද ඔබ සාක්ෂිකරුවන් අතරින් ද නොවීය.

Choose other languages: