Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #21 Translated in Sinhalese

قَالَ رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِلْمُجْرِمِينَ
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන් හට උර දෙන්නෙකු නොවෙමි යැයි ඔහු පැවසීය.
فَأَصْبَحَ فِي الْمَدِينَةِ خَائِفًا يَتَرَقَّبُ فَإِذَا الَّذِي اسْتَنْصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ ۚ قَالَ لَهُ مُوسَىٰ إِنَّكَ لَغَوِيٌّ مُبِينٌ
එවිට ඔහු බියට පත් ව (උදෑසන) නගරය තුළ සුපරික්ෂාකාරීව පසු විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතීය. එවිට නියත වශයෙන්ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසීය.
فَلَمَّا أَنْ أَرَادَ أَنْ يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَهُمَا قَالَ يَا مُوسَىٰ أَتُرِيدُ أَنْ تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ ۖ إِنْ تُرِيدُ إِلَّا أَنْ تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَنْ تَكُونَ مِنَ الْمُصْلِحِينَ
ඔවුන් දෙදෙනාටම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි, අහෝ මූසා! පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස වෙනකක් ඔබ අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන්නන් අතර වීමට ඔබ අපේක්ෂා කරන්නේ ද නැතැයි ඔහු පැවසීය.
وَجَاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَا مُوسَىٰ إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّي لَكَ مِنَ النَّاصِحِينَ
තවද නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ මූසා! නියත වශයෙන්ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ පිට ව යනු. නියත වශයෙන්ම මම ඔබට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔහු පැවසීය.
فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
එවිට ඔහු බියට පත් ව සුපරීක්ෂාකාරී ව ඉන් පිට වී ‘මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව’ යැයි ඔහු පැවසීය.

Choose other languages: