Quran Apps in many lanuages:

Surah Al-Qamar Ayahs #47 Translated in Sinhalese

أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ
(මක්කා වැසියෙනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන් හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේද?
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ
එසේ නැතහොත් “අපි සියල්ලෝම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ
නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති.

Choose other languages: