Quran Apps in many lanuages:

Surah Al-Qamar Ayahs #46 Translated in Sinhalese

كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ
(මක්කා වැසියෙනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන් හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේද?
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ
එසේ නැතහොත් “අපි සියල්ලෝම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.

Choose other languages: