Quran Apps in many lanuages:

Surah Al-Qamar Ayahs #26 Translated in Sinhalese

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ
“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි මතු දින ඔවුන් දැන ගනු ඇත.

Choose other languages: