Quran Apps in many lanuages:

Surah Al-Muzzammil Ayahs #19 Translated in Sinhalese

إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا
ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින්ම අපි එව්වෙමු.
فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا
නමුත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.
فَكَيْفَ تَتَّقُونَ إِنْ كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا
නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?
السَّمَاءُ مُنْفَطِرٌ بِهِ ۚ كَانَ وَعْدُهُ مَفْعُولًا
එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය.
إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا
නියත වශයෙන්ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා!

Choose other languages: