Quran Apps in many lanuages:

Surah Al-Muzzammil Ayahs #15 Translated in Sinhalese

وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا
තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.
إِنَّ لَدَيْنَا أَنْكَالًا وَجَحِيمًا
නියත වශයෙන්ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.
وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا
උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත).
يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَهِيلًا
එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.
إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا
ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින්ම අපි එව්වෙමු.

Choose other languages: