Quran Apps in many lanuages:

Surah Al-Mulk Ayahs #25 Translated in Sinhalese

أَمَّنْ هَٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස් ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَىٰ وَجْهِهِ أَهْدَىٰ أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?
قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَا تَشْكُرُونَ
නුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු.
قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.

Choose other languages: