Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #96 Translated in Sinhalese

ثُمَّ أَتْبَعَ سَبَبًا
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِنْ دُونِهِمَا قَوْمًا لَا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا
. ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේය.
قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَنْ تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا
අහෝ දුල් කර්නයින්! නියත වශයෙන්ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහුය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැයි ඔවුහු විමසුවෝය.
قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا
. මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨය. එබැවින් නුඹලා ශක්තිමත් ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේය.
آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انْفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا
කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේය. ඒ මත උණු කළ තඹ මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේය.

Choose other languages: