Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #81 Translated in Sinhalese

فَانْطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَنْ يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنْقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا
පසු ව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝය. නමුත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝය. එවිට ඔහු එය කෙළින් කළේය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසීය.
قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا
. මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම (ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේය..
أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدْتُ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُمْ مَلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا
එම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය
وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَنْ يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا
. තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.
فَأَرَدْنَا أَنْ يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස්‍ කර දෙනු ඇතැයි අපි සිතුවෙමු

Choose other languages: