Quran Apps in many lanuages:

Surah Al-Jathiya Ayahs #17 Translated in Sinhalese

وَسَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِنْهُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම සිතන ජනයාට මෙහි සංඥා ඇත.
قُلْ لِلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِمَا كَانُوا يَكْسِبُونَ
අල්ලාහ්ගේ (දඬුවම්) දිනයන් අපේක්ෂා නොකරන්නන්හට සමාව දෙන්නැයි දේවත්වය විශ්වාස කළවුනට (නබිවරය!) නුඹ පවසනු. එය ඔහු පිරිසකට ඔවුන් උපයමින් සිටි දෑට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහාය.
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
කවරෙකු යම් යහපතක් සිදු කළේද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) ඔහුට එරෙහිවය. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත.
وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى الْعَالَمِينَ
තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවනට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.
وَآتَيْنَاهُمْ بَيِّنَاتٍ مِنَ الْأَمْرِ ۖ فَمَا اخْتَلَفُوا إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
තවද සියලු (ආගමික) කරුණු වල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස වෙනත් කිසිවක් සඳහා ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මතුලොවෙහි තීන්දු දෙනු ඇත.

Choose other languages: