Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #13 Translated in Sinhalese

إِنَّ هَٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا
නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන් හට සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට එය ශුභාරංචි දන්වයි.
وَأَنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
තවද නියත වශයෙන්ම මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.
وَيَدْعُ الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنْسَانُ عَجُولًا
තවද තමන්ගේ යහපත උදෙසා මිනිසා ප්‍රාර්ථනා කරන්නා සේම (සිය අඥානකම නිසා ඇතැම් විට) අයහපත උදෙසා ද ඔහු ප්‍රාර්ථනා කරයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.
وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ ۖ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا
තවද රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍ය්‍ය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත්ය. තවද සෑම දෙයක්ම, අපි එය විස්තරාත්මකව පැහැදිලි කළෙමු.
وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ ۖ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا
තවද සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.

Choose other languages: