Quran Apps in many lanuages:

Surah Al-Insan Ayahs #25 Translated in Sinhalese

عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا
කොළ පැහැති ඝන හා සිනිඳු සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.
إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا
නියත වශයෙන්ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.
إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا
නියත වශයෙන්ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු.
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතරින් කිසිදු පාපියෙකුට හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන කිසිදු අයකුට හෝ නුඹ අවනත නොවනු.
وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا
තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.

Choose other languages: