Quran Apps in many lanuages:

Surah Al-Hujraat Ayahs #6 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ හඬ නබිවරයාගේ හඬට වඩා උස් නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත.
إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِنْ وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
නියත වශයෙන්ම කුටි වලට පිටින් සිට නුඹ ව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගන්නා අය වෙති.
وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වන්නට තිබුණි. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා වෙත දුෂ්ඨයෙකු යම් පුවතක් ගෙන ආවේ නම්, නුඹලා නොදැනුවත් ව පිරිසකට හානියක් සිදු කර පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු.

Choose other languages: