Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #87 Translated in Sinhalese

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
එවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත.
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු.
إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී මහා මැවුම්කරු.
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.

Choose other languages: