Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #75 Translated in Sinhalese

قَالَ هَٰؤُلَاءِ بَنَاتِي إِنْ كُنْتُمْ فَاعِلِينَ
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේය.
لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ
(නබිවරය) නුඹගේ ආයු කාළය මත දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල් වී සිටියහ.
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ
එබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.

Choose other languages: