Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #65 Translated in Sinhalese

فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ
එවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි,
قَالَ إِنَّكُمْ قَوْمٌ مُنْكَرُونَ
නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.
قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ
නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝය.
وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ
තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.

Choose other languages: