Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #50 Translated in Sinhalese

ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ
නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.
وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ
එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නොගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එයමය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු.

Choose other languages: