Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #33 Translated in Sinhalese

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ
පසුව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසීය.)
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළෝය.
إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ
නමුත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.
قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ
අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.
قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නොවෙමි යැයි ඔහු පැවසුවේය.

Choose other languages: