Quran Apps in many lanuages:

Surah Al-Furqan Ayahs #5 Translated in Sinhalese

تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا
ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත (සත්ය හා අසත්ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය.
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا
ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය සතු අයයි. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය.
وَاتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا
තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුන් කිසිවක් නොමවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නොදරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නොදරනු ඇත.
وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًا
තවද මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය.
وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا
තවද ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.

Choose other languages: