Quran Apps in many lanuages:

Surah Al-Fajr Ayahs #20 Translated in Sinhalese

وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ
තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහුය.
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.

Choose other languages: