Surah Al-Baqara Ayahs #250 Translated in Sinhalese
أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِنْ بَنِي إِسْرَائِيلَ مِنْ بَعْدِ مُوسَىٰ إِذْ قَالُوا لِنَبِيٍّ لَهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِنْ كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا ۖ قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِنْ دِيَارِنَا وَأَبْنَائِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
මූසාගෙ (කාලයෙ) න් පසුව ඉස්රාඊල් දරුවන්ගෙන් වූ ප්‍රධානීන් පිරිසක් දෙස නුඹ නොබැලුවෙහි ද? අප වෙත රජෙකු එවනු මැනව! අපි අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්නෙමු යැයි ඔවුනට අයත් වක්තෘවරයෙකුට පැවසූ අවස්ථාවේ දී නුඹලාට සටන් කිරීම නියම කරනු ලැබුවහොත් නුඹලා සටන් නොකර සිටීමට සිතන්නෙහු ද? යැයි ඔහු ඇසීය. අප ව අපගේ නිවෙස් වලින් හා අපගේ දරුවන්ගෙන් අපව බැහැර කරනු ලැබ සිටිය දී අප අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොවදින්නට අපට කුමක් වීදැයි ඔවුහු ඇසූහ. නමුත් සටන් කිරීම ඔවුනට නියම කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් කිහිප දෙනකු හැර (අන් අය) පිටුපෑවෝය. තවද අල්ලාහ් අපරාධරකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය සමබන්ධයෙන් සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ තිබිය දී අප පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ وَبَقِيَّةٌ مِمَّا تَرَكَ آلُ مُوسَىٰ وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
තවද, සැබැවින් ම ඔහුගේ රජකමට සලකුණ වනුයේ නුඹලා වෙත මංජුසාවක් පහළ වීමයි. එහි නුඹලාගේ පරමාධිපති වෙතින් ශාන්තිය ද මූසාගේ පරපුර හා හාරූන් ගේ පරපුර අත හැර දමා ගිය දැයින් ඉතිරි ව ඇති දෙය ද ඇත. එය මලක් වරුන් (විසින්) උසුලා ගෙන එනු ලැබේ. නුඹලා විශ්වාස වන්තයින් නම් නියත වශයෙන් ම එහි නුඹලාට සාධකයක් ඇත, යැයි ඔවුන්ගේ නබි ඔවුන් අමතා පැවසුවේය.
فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි ඔහු (සිය සේනාව අමතා) සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු ඇත. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි රස නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. සැබැවින්ම (එක් දිනක) අල්ලාහ් ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය "අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේය." යැයි පැවසුවෝය.
وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම් ව සිටි කල්හි අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව! ප්‍රතික්ෂේපිත ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව! යැයි පැවසුවෝය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
