Quran Apps in many lanuages:

Surah Al-Baqara Ayahs #196 Translated in Sinhalese

فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ ۖ فَإِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ
තවද කලහකම් ඇති නොවී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. නමුත් ඔවුන් (කලහකම් කිරීමෙන්) වැළකී සිටියේ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි මිස වෙනත් අය කෙරෙහි කිසිදු සතුරුකමක් නොවිය යුතුය.
الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ ۚ فَمَنِ اعْتَدَىٰ عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَىٰ عَلَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
ශුද්ධ මාසය ශුද්ධ මාසයටම සමානය. තවද සියලු තහනම් කරනු ලැබූ දෑ වෙනුවෙන් සමප්‍රතිචාර ඇත. එබැවින් කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ද ඔහු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළා සේම නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනු. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු.
وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا ۛ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ
තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නොකර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නොහෙළනු. තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය.
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۖ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ ۚ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ ۚ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ۚ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ۗ ذَٰلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වන බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වූ විට, යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා! එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.

Choose other languages: