Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #137 Translated in Sinhalese

فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُفَصَّلَاتٍ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ
එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු වැරදි කරන පිරිසක් වූහ.
وَلَمَّا وَقَعَ عَلَيْهِمُ الرِّجْزُ قَالُوا يَا مُوسَى ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ ۖ لَئِنْ كَشَفْتَ عَنَّا الرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِي إِسْرَائِيلَ
ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි අහෝ මූසා! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්‍රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරනු මැනව! මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් යවන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الرِّجْزَ إِلَىٰ أَجَلٍ هُمْ بَالِغُوهُ إِذَا هُمْ يَنْكُثُونَ
එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට, ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ.
فَانْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ فِي الْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ
එහෙයින් අපි ඔවුනට දඬුවම් කළෙමු. නියත වශයෙන්ම ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් ද ඒ පිළිබඳ ඔවුන් නොසැලකිලිමත්වූවන් ලෙස සිටි බැවින් ද අපි ඔවුන් මුහුදෙහි ගිල්වූයෙමු.
وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُوا يُسْتَضْعَفُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنَىٰ عَلَىٰ بَنِي إِسْرَائِيلَ بِمَا صَبَرُوا ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُ وَمَا كَانُوا يَعْرِشُونَ
දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටී පිරිසට, මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින්ම විනාශ කර දැමුවෙමු.

Choose other languages: