Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #69 Translated in Sinhalese

أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ
ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී (මක්කාව) සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නොදුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරමින් අසත්යය ඔවුහු විශ්වාස කරන්නෝ ද?
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ
තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නොවී ද?
وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ
තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන් සමග සිටින්නේය.

Choose other languages: