Quran Apps in many lanuages:

Surah Al-Ankabut Ayahs #49 Translated in Sinhalese

اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
ධර්ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත. තවද අල්ලාහ් ව මෙනෙහි කිරීම අතිමහත්ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී.
وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنْزِلَ إِلَيْنَا وَأُنْزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
තවද ධර්ම ග්‍රන්ථ ලත් අය සමග කවර දෙයක් යහපත් වන්නේ ද එය මගින් මිස වෙනත් කිසිවක් මගින් තර්ක නොකරනු. නමුත් ඔවුන් අතරින් අපරාධ කළවුන් සමග හැර. (ඔවුන් සමඟ තර්ක කිරීමට සිදු වුවහොත්) ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු.’ යැයි නුඹලා පවසනු.
وَكَذَٰلِكَ أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَٰؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ
තවද එලෙස අපි ඔබ වෙතට ද ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය එය විශ්වාස කරති. තවද (මක්කාවාසීන් වන) මොවුන් අතුරින් ද එය විශ්වාස කරන්නන් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති.
وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ
තවද මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය.
بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ
නමුත් මෙය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. තවද අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති.

Choose other languages: