Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #79 Translated in Sinhalese

وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا ۖ إِنَّهُ مِنَ الصَّالِحِينَ
තවද අපි ඔහු ව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔහු දැහැමියන් අතරින් විය.
وَنُوحًا إِذْ نَادَىٰ مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ
තවද නූහ්, මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ
තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු.
وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ
තවද දාවූද් හා සුලෙයිමාන්, පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු.
فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ
සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුටම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද දාවූද් සමග (අල්ලාහ් ව) සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදුකරන්නන් ලෙස සිටියෙමු.

Choose other languages: