Quran Apps in many lanuages:

Surah Al-Anbiya Ayahs #69 Translated in Sinhalese

ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰؤُلَاءِ يَنْطِقُونَ
ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින්ම මේවා කතා නොකරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවසුවෝය).
قَالَ أَفَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ
‘අල්ලාහ් හැර දමා නුඹලාට කිසිදු ඵලක් නොදෙන එමෙන්ම නුඹලාට කිසිදු හානියක් නොකරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහුද? යැ’යි ඔහු විමසුවේය.
أُفٍّ لَكُمْ وَلِمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ
නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශයම වේවා! නුඹලා වටහාගත යුතු නොවේද?
قَالُوا حَرِّقُوهُ وَانْصُرُوا آلِهَتَكُمْ إِنْ كُنْتُمْ فَاعِلِينَ
නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහු ව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝය.
قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ
අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අපි පැවසුවෙමු.

Choose other languages: